Skip to main content

Motivated.....







තියෙන්නෙ ලොකු හීන නම් ඒ හීන වෙනුවෙන් කම්මැලිකම අතහරින්න වෙනවා යාලූවා 🤞☝️ 


හීන තියෙනවා නම් හීන දකිනවා නම් හීන හැබෑවක් කරගන්න ඕනි නම් කාලේ නාස්ති කරන එක නවත්වන්නම වෙනවා...දෙගිඩියාවක් ඇති ඔය හිතේ මට පුළුවන් ද බැරිවෙයි ද කියලා.....බයකුත් ඇති හීන හීනවම වෙලා යයි කියලා.✌


බිත්තියේ ගහගෙන ඉන්න පත්තර කොලයකින් කපපූ ලස්සනම ලස්සන කාරේක කවද ගෙදර ගේන්නේ කියලා කාර් එක දිහා බල බල කල්පනා කරනවා ඇති ඔයාත් අනේක වාරයක්...❤ කපරාදු කරපු සුදු තීන්ත ගාලා කලු ටයිල් අල්ලපූ ලස්සන තට්ටූ දෙකේ ගෙදරක සුවපහසුවට ජීවත් වෙන්න හිතේ කොණක ලොකු ආශාවක් ඇති....


හොදට මතක තියාගන්න කැපවීමෙන් තොරව හීන ජය ගන්න ටිකක් අමාරුයි කියලා....ඔයාට බත් කන්න ඕනි නම් ඔයා හාල් අරන් ඒක හෝදලා ලුණු දාලා වතුර මැනලා ලිපේ තියලා ඒක ඉදෙනකනුත් බලන් ඉන්න ඕනි..... ඒ වගේ ම තමා ඔයාගේ හීන වෙනුවෙනුත් ඔයා මහන්සි වෙන්න කැපවීම් කරන්න ඕනි ප්‍රතිපල එනකම් ඉවසීමෙන් බලන් ඉන්නත් ඕනි.


ගොඩක් අයට දේවල් කරන්නේ අද පටන් ගන්න දේට අද ම හෝ හෙට ම ප්‍රතිපල ලැබෙන්න ඕනි කියලා හිතලා.ඒත් ඇත්තටම ඒක දවසින් හද අල්ලන්න අමාරුයි..අපි අපේ හීන වෙනුවෙන් අවංකව කැපවෙනවා නම් අනිවාර්යයෙන්ම එකේ ප්‍රතිපල ලැබෙනවා...ඒක හරියට ඉඩෝරයට පස්සේ එන වසන්තය වගේ ගොඩක් ලස්සනයි .


මනසින් විතරක් දැක්ක හීන හැබැයින් දකීද්දී කොච්චර නම් සුන්දර ඇත්ද....හීනේන් පැද්ද කාර් එක හැබෑයින් පදිද්දී කොච්චර නම් ගැම්මක් එනවා ඇත්ද........?🔥


හීන වෙනුවෙන් වැඩ කරන්න.අමාරුයි කියලා හිතෙන හැම මොහොතක ම හිතන්න ඔයාගේ හීන ඔයාගේ ඇස් ඉස්සරා තියෙන විදිහ.....පියවී සිහියට එද්දී ඔයා ලග ඒ හීන නැතුව ඇති....ඒත් ඒ වෙනුවෙන් අලුත් ශක්තියක් හිතේ ඇතිවෙලා ඇති....ඒ ශක්තිය හිතට අරන් වැඩ කරන්න. දවසක ඒ ශක්තිය නිසා ම පියවී සිහියෙන් ඉද්දීම මැව්ව හීන දිහා ඇස් පිල්ලන් නොගහා බලන් ඉන්න පුළුවන් වෙයි.


උත්සාහ කරලාත් දිගින් දිගට ම අසාර්ථක වෙනවා නම් කවදාවත් අසාර්ථකත්වයට බයේ සාර්ථකත්වයට තියෙන අඩිය පස්සට තියන්න එපා.මොකද අසාර්ථක ශල්‍යකර්මයක් නිසා උගුරේ අමාරුකම තියෙද්දී තමා ed sheeran ලොව වැඩිම මිලකට අලෙවි වන ගායකයෙක් වුණේ. ප්‍රතික්ෂේප වීම් දරාගත්ත නිසායි දීපිකා පදූකෝන් ලෝකයක් ම දන්න ඉන්දියාවේ වැඩි මිලක් අය කරන නිලිය බවට පත් වුනේ....


මොන දුෂ්කරතා මොන බාධක ආවත් ඉස්සරාහට ම යන්න.ලෝකේ ඉන්න විශිෂ්ඨයෝ අහසින් කඩාපාත් වුණ අය නෙමේ....කැපවීම් කරලා මහන්සි වෙලා...බිංදුවේ ඉදන් පටන් ගත්ත අය. ඒක නිසා උඩින් සාර්ථක මිනිහෙක් දිහා බලලා විනිශ්චය කරන්න විවේචනය කරන්න සහතික දෙන්න යන්න එපා.තව කෙනෙක්ට හූල්ලන් නැතුව තව කෙනෙක්ට තමන් දිහා බලලා හැදෙන්න පුළුවන් වෙන තැනට වැඩ කරන්න.


ඔයාගේ කතාව තව කෙනෙක්ට motivation එකක් වෙන දවස එනකම් වැඩ කරන්න..ප්‍රතික්ෂේප කරපූ අය පස්සෙන් එන තැනට එනකම්ම වැඩ කරන්න .කවුරුත් එන්නේ නෑ ඔයා යන පාරට ඉටිපන්දමක් අරන් අලෝකය දෙන්න..... කවුරුත් කියන්නේ නෑ ඔයා අරමුණු සාර්ථක වෙන්න කියලා.ගොඩක් උන් උඩින් කතා කරාට බලන් ඉන්නේ තව එකෙක්ට කෙල වෙලා තමන්ට විතරක් හරියනවාට.☝️✌

ඒක නිසා උබේ පාරේ උබේ ගමනේ ආලෝකය උබම වෙයන්...දවසක් එයි.උබටත් හදක් වගේ බැබලෙන්න පුළුවන් වෙන..කවුරු ඔයාව අතහැරියත් කවුරු ඔයාගේ අරමුණු වලට හීනා වුණත් කවුරු ඔයාව ගණන් ගත්තේ නැති වුණත් ඔයාගේ ගමන ඔයා තනියෙන් යන්න හරි පාරේ...


බාධක එයි හිටු කියලා ඒත් කවදාවත් සැඩ රල පහරට ගහගෙන යන්න එපා...චරිතයක් වෙයන් උබගේ නම කිව්වත් මිනිස්සු ආ ඒ පට්ට චරිතයක් කියලා හිතන තැනට වෙනකම්ම......දවසක් අනිවාර්යයෙන්ම එනවා.....උබට ආපූ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් ....අන්න එදාට උබව හලපූ උන් උබව පිලිගන්න එයි මල්මාල දලා...උබට හීන වුණ උන් අඩන්න ගනී උබගේ ඇස් ඉස්සර හා s ....


වැඩ කරපං දවසක උබ යන තැනට උබේ පස්සෙන් ගොඩක් අය එයි....උබගේ අලෝකයෙන් එයාලාගේ ජීවිතවලට අලුත් එලියක් හොයාගෙන ✌☝️🤓😒🙏😋❤😍🔥😊😌



❤️🔥💯


🧏‍♂𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣 𝙄𝙣𝙩𝙤 𝙏𝙝𝙚 𝘽𝙡𝙤𝙤𝘿 𝙄𝙩𝙨𝙚𝙡𝙁🍃


 

Comments